ප‍්‍රශ්නගත බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට භාරදීම පිළිබඳ තීරණය සිංගප්පූරුව සතු බව නීතිවේදීන් පවසනවා.
ජ්‍යෙෂ්ඨ නීතිඥ ප‍්‍රතිභා මහනාමහේවා පැවසුවේ ජාත්‍යන්තර පොලිසිය මගින් වෙනත් රටක දී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් තවත් රටකට ලබාදීම උදර්පන නීතිය යටතේ සිදුවන බවයි.
අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයෙකු වන බැවින් ඔහු ශ‍්‍රී ලංකාවට භාරදීම පිළිබඳ තීරණය ඔවුන් විසින් ගත යුතු බවයි ප‍්‍රකාශ කෙරුණේ.
උදර්පන නීතිය ක‍්‍රියාත්මක නොවුණ ද ශ‍්‍රී ලංකාව ඉල්ලීමක් කළහොත් සිංගප්පූරුවට අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට භාරදිය හැකි බවයි නීතිඥ ආචාර්ය ප‍්‍රතිභා මහනාමහේවා වැඩිදුරටත් පැවසුවේ.
ප‍්‍රශ්නගත බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපතිවරයාට පෙබරවාරි 15 ට පෙර මෙරටට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසයි අධිකරණය ඉකුත්දා නොතීසි නිකුත් කළේ.