Sunday, January 12, 2025

General line - 0115112241

සියලු පක්ෂ අපේක්ෂකයන් එකම වේදිකාවකට ඇවිත් (PHOTOS)




මැතිවරණයක් ළං වෙත්ම පාට පක්ෂ අනුව බෙදී වෙන්වී සමාජය අතර විවිධ විරසක ඇති කර ගැනීම් කාලයක් තිස්සේ සිදු වූවක්.

නමුත් මෙවර මැතිවරණයේදී ඒ සියලු සිද්ධීන්ට තිත තබමින් සමාජයට ආදර්ශයක් ලබා දෙන්නට අගලවත්තේ ප්‍රාදේශීය සභා 03ක් වෙනුවෙන් තරග කරන සියලු පක්ෂවල අපේක්ෂක අපේක්ෂිකාවන් කටයුතු කර තිබුණා.

අගලවත්ත, පාලින්දනුවර සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය සභා 03ට තරග කරන විවිධ පක්ෂවල විවිධ මත දරණ ඡන්ද අපේක්ෂකයන් එකම වේදිකාවකට ගොඩ වී විවේචන වෙනුවට සිය අනාගත සැළසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කරමින් මෙලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටියා.

අගලවත්ත නගරයේ මෙම රටටම ආදර්ශමත් වේදිකාව සකසා දී තිබුණා.

කළුතර දිස්ත්‍රික්කයේ සියලු මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් වන ස්වාධීන මාධ්‍ය පදනම විසින් මෙම අවස්ථාව සංවිධානය කර දී තිබූ අතර 'වී ලීඩ් ශ්‍රී ලංකා' තේමාව යටතේ නෙත් එෆ්.එම් රේඩියෝව ඊට මාධ්‍ය අනුග්‍රහය දැක්වූවා.   

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි මෙහි කටයුතු සිදු කෙරුණා.