Sunday, January 12, 2025

General line - 0115112241

සරසවි අනධ්‍යන සේවකයන් 15000ක් වර්ජනයට එක් වේ

නවෝද්‍යා ගමගේ




ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (06) සිට දින 2ක වර්ජනයක් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් පවසනවා.

විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති එඞ්වඩ් මල්වත්තගේ කියා සිටියේ මෙම වර්ජනය සඳහා 15,000ක අනධ්‍යයන සේවකයින් පිරිසක් එක්ව සිටින බවයි. 

 

-------------------------------------

හෙටත් අනිද්දත් වර්ජන දෙකක්

(05-02-2018 11:48)

 

දිවයින පුරා රෝහල්වල රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අනිද්දා (07) සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ප‍්‍රධාන ඉල්ලීම් 03ක් මුල් කරගනිමින්.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා සඳහන් කළේ සිය රාජකාරි වෙනත් පුද්ගලයින්ට පැවරීම සහ විදෙස් පුහුණු සඳහා වෙනත් නිලධාරීන් යොමු කිරීම ඇතුළු ගෙවීම් ගැටලු මේ සඳහා හේතු වූ බවයි.

සංඛේත වැඩවර්ජනයෙන් සිය ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම්, ලබන 15 වැනිදායින් පසු සියලූ සේවාවලින් ඉවත් වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ මෙම සංඛේත වැඩ වර්ජනය අනිද්දා පෙරවරු 08.00 සිට පසුදින පෙරවරු 08.00 දක්වා ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි. 

මේ අතර  හෙට (06) සහ අනිද්දා (07) සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ද තීරණය කර තිබෙනවා.

ඒ මීට පෙර ඇති කරගත් එකගතාවන්ට අනුව සිය ගැටළුවලට විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින්.

විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඩ් මල්වත්තගේ කියා සිටියේ වසර එකහමාරකට අධික කාලයක සිට සිය ගැටළුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.