Sunday, January 12, 2025

General line - 0115112241

තංගල්ල හෝටලයේ සිද්ධියට වරදකරුවන්ට දුන් දඬුවම ප්‍රමාණවත් මදි වෙයි - ඉල්ලන දඬුවම මෙන්න

අධිකරණ වාර්තාකරු




2011 වර්ෂයේ තංගල්ල හෝටලයකදී බ්‍රිතානය ජාතික කූරාම් ෂෙයික් ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කල බවට වරදකරුවන් වු තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ඇතුලු චුදිතයින් 4 දෙනාට ලබා දී ඇති මහාධිකරනයේ දඩුවම් ප්‍රමාණවත් නොවන බව පවසා නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචනා පෙත්සම ජූනි මස 12 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (05) දින නියම කළා.

කොළඹ මහාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් එම නඩුවේ චුදිතයින් ගොනු කල අභියාචනයන්ද එම දිනයටම කල් තැබුණා.

නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ මහාධිකරණයෙන් චුදිතයන්ට ලබාදී ඇති අවුරුදු 20 බැගින් වු සිර දඩුවම් ඉවත දමා ඔවුන්ට එරෙහිව මරණ දඩුවම හො ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දෙන ලෙසයි.

තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරන, ළහිරු කැලුම්, සමන් දේශප්‍රිය සහ ප්‍රගීත් චතුරංග යන අය මහාධිකරණය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කොට තිබුණා.