Sunday, May 19, 2024

General line - 0115112241

දේශපාලනයට මේ අයව යොදා ගැනීම තහනම්

වසන්ත පිවිතුරු




දේශපාලන කටයුතු සඳහා කුඩා දරුවන් යොදා නොගන්නා ලෙස ළමා ආරක්ෂණ අධිකාරිය සියළුම දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති මෙම අවස්ථාවේ විවිධ ක්‍රම ඔස්සේ ඉතාමත් සූක්ෂම ලෙස දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කටයුතු කරන බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති බවයි එහි ප්‍රකාශිකාවක් nethnews.lk කළ විමසීමක දී කියා සිටියා.

කුඩා දරුවන් දේශපාලන කටයුතුවල නිරත වීමෙන් විවිධ අපහාසුතාවයන්ට පත්ව ඇති බවයි ළමා ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙන්නේ.

කුඩා ළමුන් දේශපාලනයට යොදා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් වහාම ඒ සම්බන්ධයෙන් 1929 යන ක්ෂණික අංකයට දැනුම් දෙන ලෙසයි එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.