Sunday, May 19, 2024

General line - 0115112241

බළංගොඩින් මතුවූ කොටියට නිලධාරින් කළ දේ මෙන්න (PHOTOS)

රෝහන වසන්ත - බළංගොඩ




රත්නපුර - බළංගොඩ වලේබොඩ ගයිවත්ත ප්‍රදේශයේ දී අඩි 8ක් පමණ දිග කොටියෙකු අල්ලා ගැනීමට වන ජීවි නිලධාරින් සමත්වී තිබෙනවා.

අද (05) පෙරවරුවේ ගයිවත්ත ප්‍රදේශයේ විශාල කොටියෙකු සිටිනු දුටු ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධයෙන් බළංගොඩ බෙලිහුල් ඔය වනෙජීවි නිලධාරින්ට දැනුවත් කර ඇති බව සඳහන්.

එහිදී ක්‍රියාත්මක වූ වනජීවි නිලධාරින් ප්‍රදේශවාසීන් සමග එක්ව එම කොටියා අල්ලා ගැනීමට සමත් වුණා.

අල්ලා ගත් කොටියා නිර්වින්දනය කර උඩවලව ඇත් අතුරු සෙවනට භාරදෙන බවයි වනජීවි නිලධාරින් පැවසුවේ.

කෙසේ වෙතත් මෙම කොටියා අදාළ ප්‍රදේශයේ තොණ්ඩුවකට පැටලී ඇති අතර ඉන් මුදවා ගත් වනජීවි නිලධාරින් අදාළ කොටියා නිර්වින්දනය කිරිමට යාමේ දී වනජීවි වෛද්‍යවරයාට පහරදීමට උත්සහ දරා තිබෙනවා.

තොණ්ඩුවක පැටලීම හේතුවෙන් මෙම කොටියාගේ සිරුරේ සුළු තුවාල ද දක්නට ලැබුණා.