Sunday, May 19, 2024

General line - 0115112241

අඟුලාන දුම්රිය අනතුරින් 4ක් මරුට




ඟුලාන සහ ලූනාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයකදී අද (05) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගියා.

මරදානේ සිට දකුණු කළුතර දක්වා ධාවනය වු දුම්රියක පාපුවරුවේ ගමන් කළ පිරිසක් නවතා තිබූ ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙහිදී තවත් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.