Sunday, May 19, 2024

General line - 0115112241

දරුවෙකු සමග සිඟමනේ යෙදුනු කාන්තාවක් අත්අඩංගුවට




දරුවෙකු සමග සිඟමනේ යෙදුනු කාන්තාවක් ළමා රක්ෂණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද පැමිණිල්ලකට අනුව, කළ වැටලීමකදී කොළඹ ආගමික ස්ථානයක් අසල සිට ඇය අත්අඩංගුවට ගත් බවයි  ජාතික ළමා රක්ෂණ අධිකාරිය පැවසුවේ.  මීට වසර කිහිපයකට පෙර රැකියාවක් සඳහා මෙම කාන්තාව කොළඹට පැමිණ ඇතැයි ප්‍රශ්ණ කිරීම් වලින් හෙළිව තිබෙනවා.

කෙසේ වෙතත් දරුවාගේ සැබෑ මව මෙම කාන්තාවමදැයි තවමත් තහවුරු වී නැහැ. ඒ සඳහා පරික්ෂණ සිදු කරන බව ප්‍රකාශ කෙරුණා.

දරුවන්ට එරෙහි මෙවැනි සිදුවීම් පිළිබඳව තොරතුරු දන්නේ නම්  1929 අංකයට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය ඉල්ලා සිටියේ.