ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනසෙත පෙරමුණ අත්තනගල්ල ප්‍රදේශීය සභාවට ඉදිරිපත් කර ඇති නාම යෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (05) රීට් පෙත්සමත් ගොනු කෙරුණා.
ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින්. එකම අපේක්ෂකයෙකුගේ නම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ජනසෙත පෙරමුණ අත්තනගල්ල ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා දෙකේම ඇතුලත්ව ඇතැයි මෙම පෙත්සමෙන් කරුණු දක්වා තිබෙනවා.
ඒ බව සැලකිල්ලට ගනිමිනුයි අදාළ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස පෙත්සම්කරුවන් විසින් ඉල්ලා ඇත්තේ.