Sunday, January 12, 2025

General line - 0115112241

මන්ත්‍රීවරුන්ගෙන් කථානායකවරයා කළ ඉල්ලීම




බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා විමර්ශන වාර්තා සම්බන්ධයෙන් හෙට (06) ආරම්භ වන පාර්ලිමේන්තු විවාදයේදී ඉතා වගකීමෙන් කටයුතු කරන්නැයි කථානායක කරු ජයසූරිය මහතා සියළු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

කථානායකවරයා එම ඉල්ලීම කළේ අද (05) පැවැති පක්ෂ නායක රැස්වීමේදීයි. ඉකුත් සමයේ පාර්ලිමේන්තුවේ දක්නට ලැබුනු ඇතැම් අප්‍රසන්න අවස්ථා යළි ඇතිවීමට ඉඩ නොදෙන ලෙසද කථානායකවරයා සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළා.

අදාළ විවාදය හෙට (06) පෙරවරු 10.30 සිට පස්වරු 4.00 දක්වා පවැත්වීමට සහ ඉන් අනතුරුව ලබන 21 සහ 22 යන දිනවලදී එම විවාදය තවදුරටත් සිදු කිරීමටයි මෙහිදී තිරණය කෙරුණේ.

බරපතල වංචා විමර්ශන වාර්තා 34කට අදාළව පිටු 7000ක් පමන වන ලිපිගොනු සංයුක්ත තැටි වලට ඇතුලත් කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත හෙට (06) ලබා දීමටද තීරණය කෙරුණා.

මීට අමතරව බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා විමර්ශන වාර්තාවලට අදාළව මේ දක්වාත් පාර්ලිමේන්තුවට යොමු නොකළ කිසියම් ලේඛණයක් වෙතොත් ඒ සම්බන්ධයෙන්ද කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමු කළ බවයි  කථානායකවරයා කියා සිටියේ.