Sunday, January 12, 2025

General line - 0115112241

අර්ජුන් ඇලෝෂියස්ගේ මත්පැන් සමාගමක් සම්බන්ධයෙන් අධිකරනය දුන් තීරණය

ඩිල්ෂාන් මඩවල




බැඳුම්කර වාර්තාවෙන් චෝදනාවට ලක්ව සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස්ට අයත් මත්පැන් සමාගමක නිෂ්පාදන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ නියමිත කාලයේදී බදු නොගෙවීම නිසා එම සාමගමේ නිෂ්පාදන කටයුතු මෙලෙස අත්හිටවූ බවයි.

ඒ අනුව මේ වනවිට එහි සිදුවන්නේ නිෂ්පාදනය කර ඇති තොග බෙදා හැරීම සහ කාර්යාල කටයුතු පමණක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

මේ අතර ප්‍රශ්න ගත බැඳුම්කර ගනුදෙනුවට අදළාව අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 16වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (05) නියෝග කෙරුණා.

ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.