හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට යළිත් පිඹුරුපත් සකස් වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පවසනවා.
තම බලය ගිලිහී යනු ඇතැයි සැකයෙන් සිටින දේශපාලඥයින් මෙම පිඹූරුපත් සකසමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
පිවිතුරු හෙළ උරුමය අද (05) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා එම අදහස් පළ කළා.