Sunday, January 12, 2025

General line - 0115112241

ආණ්ඩුව රඟන රංගනයක් ගැන ජවිපෙ පැහැදිළි කරයි




අර්ජුන් ඇලෝෂියස් සහ උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම දේශපාලන රංගනයන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මැතිවරණය ළඟ පැමිණෙන නිසා ආණ්ඩුවට අපූරු රංගනයක නිතරවී ඇති බවයි.

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට සැබෑ උවමනාවක් තිබුණේ නම් ඒ සඳහා ද ඕනෑ තරම් අවස්ථා මීට පෙර පැවැති බවයි මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම අදහස් පළ කළේ කොළඹ අද (05) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.