ඡන්ද දායකයන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සහ ජාතික හැඳුනුම්පත් මුදලට ලබා ගන්නා ජාවාරමක් බේරුවල ප්‍රදේශයෙන් හෙළි කර ගෙන තිබෙනවා.
පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බේරුවල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි ඔහු කියා සිටියේ.
පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා පොලීසියට වාර්තා වී ඇති මුළු පැමිණිලි ගණන 488ක් බවද, මෙහිදී ප්‍රකාශ කෙරුණා.