Sunday, January 12, 2025

General line - 0115112241

බැඳුම්කර විවාදය පැවත්විමට ඇති නීති සිද්ධාන්තය ගැන පක්ෂ නායකයන්ගේ අවදානයට

ඩිල්ෂාන් මඩවල




ප්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ආරම්භ කර පාර්ශවකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබියදී ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවාද කිරිම නීති සිද්ධාන්ත වලට පටහැනිවේදැයි පක්ෂ නායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර  ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

කෙසේ වෙතත් මීට පෙර රිචඩ් ද සොයිසා නඩුව විභාග වෙමින් තිබියදී ඒ පිළිබඳවද පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඇති බව මෙහිදී ප්‍රකාශ වී තිබෙනවා.

එය පූර්වාදර්ශයට ගෙන බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට හැකි බවයි පක්ෂ නායකයන් අවසන් වශයෙන් තීරණය කර ඇත්තේ.

ඒ අනුව හෙට (06) පෙරවරු 10.30 සිට පස්වරු 04.00 දක්වාත් අනතුරුව ලබන 21 සහ 22 යන දින දෙකේදීත් එම විවාදය පැවැත්වීමට පක්ෂ නායකයන් එකගතාවයකට පැමිණ තිඛෙනවා.

මේ අතර අද පැවති පක්ෂ නායක රැස්වීමෙන් පසු ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ අදාළ විවාදයේදී ආණ්ඩුවට සහ විපක්ෂයට සාධාරණ ලෙස කාලය ඛෙදා දීමටද එකගතාවක් ඇති කර ගත් බවයි.