නොමිලේ වයි ෆයි රටටම ලබා දෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) යළිත් පොරොන්දු වුණා. සියළුම පළාත්වලට නොමිලේ වයි ෆයි පහසුකම ලබාදීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.
රට ගොඩනැගීමට නම් ගමේ බලය එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන ලෙස මෙහිදී ඉල්ලීමක්ද කෙරුණා. අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය පුත්තලමේ අද (05) පැවැත්වූ මැතිරවණ ප්‍රචාරක රැළියකදීයි.