වසර 28 ක් වසා දමා තිබු කන්කසන්තුරෙයි හා පේදුරුතුඩුව අතර වූ AB 21 මාර්ගය අද (05) යළි ජනතා අයතියට පත් කෙරුණා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්. යාපනයේ අද (05) පැවති මැතිවරණ ප්‍රචාරක රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
උතුරේ පැවති යුද්ධය නිමා වූවත් ආරක්ෂක හේතුවෙන් මෙම මාර්ගය වසර 28ට වැඩි කාලයක් වසා දමා තිබුණා.
කෙසේ වෙතත් උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා වත්මන් රජය කටයුතු කරන බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.