Sunday, January 12, 2025

General line - 0115112241

'ඒ දේ කළේ මා මිත්‍ර මහින්ද රාජපක්ෂ පමණයි'

ලහිරු කපුගේ




රණවිරු දඩයමක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට කෙරෙන චෝදනා සත්‍යයෙන් තොර බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

මීට පෙර පැවැති අභියෝගවලින් පවා රණවිරුවන් බේරා ගැනීමට තමන්ට හැකිවූ බවයි ඔහු අවධාරණය කළේ.

ජාතික සම්පත් විකුණා දමන බවට වත්මන් ආණ්ඩුවට කෙරෙන චෝදනාවලටද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.

එහිදී සඳහන් කෙරුණේ මේ රටේ බිම් අඟලක්වත් ලෝකයේ වෙනත් කිසිඳු රටකට සින්නක්කර ඔප්පු මගින් ලබා දීමට තමන් කටයුතු කර නොමැති බවයි. ඉතිහාසයේ රජවරු පවා එසේ නොකළ බවත් එසේ සින්නක්කර ඔප්පු ගිවිසුම් මගින් මේ රටේ ඉඩම් විදෙස් සමාගම්වලට දුන්නේ.. ඒ දේ කළේ මා මිත්‍ර මහින්ද රාජපක්ෂ පමණක් බවත් සඳහන් කළා.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ පොතුවිල් හි ඊයේ පස්වරුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක රැළියකදීයි.