කඩා වැටී තිබුණු ආර්ථිකය යළි නිවැරදි මගට ගෙන ඒමට වත්මන් ආණ්ඩුව සමත් වූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.
ඉකුත් රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබා ගත් ණය තවදුරටත් ගෙවීමට ඇතැයිද සිය පාලන කාලය තුළ එම ණයද ගෙවා අවසන් කරන බව අග‍්‍රාමාත්‍යවරයා පැවසුවා.
"මේක ආරම්භය විතරයි.. අපි අමාරුවෙන් මේ අවුරුදු දෙක ගෙනිච්චේ. මහින්ද මොනා කිව්වත් වැඩියෙන්ම ණය ගෙවන්න වෙලා තියෙන්නේ දැන්.. එයාලා වසර 05කට ගත්ත ණය අපි දැන් ගෙවනවා. අපි මේ ණය තරුණ පරපුරට දෙන්න ලෑස්ති නෑ..කොච්චර අමාරු වුණත් ගෙදර කරනවා වගේ ගෙවලා දානවා."
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂය කොලොන්නාවේ ඊයේ (05) පැවැති මැතිරවණ ප‍්‍රචාරක රැළියකදීයි.