මහ බැංකු බැඳුම්කර සහ බරපතල වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වන විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.
අද දිනට අමතරව ලබන 21 සහ 22 යන දිනවලද පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට මෙහිදී එකගතාවකට පැමිණියා.
-------------------------
දිවා ආහාරයත් නෑ - අද පාර්ලිමේන්තුවේ සිදුවන දේ මෙන්න
(06-02-2018 05:54)
මහ බැංකු බැඳුම්කර සහ බරපතල වංචා සම්බන්ධයෙන් වන විවාද පාර්ලිමේන්තුවේදී අද (06) පැවැත්වෙනවා.
ඊයේ (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ අනුව එම විවාදය පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතයි.
අද දිනට අමතරව ලබන 21 සහ 22 යන දිනවලද පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට මෙහිදී එකගතාවකට පැමිණියා.
කෙසේවෙතත් දෙමළ ජාතික සන්ධානය අද පැවැත්වෙන විවාදයට සහභාගී නොවන බව කතානායක කරු ජයසූරිය මහතා වෙත දන්වා තිබෙනවා.
මෙම විවාදය පිළිබඳව නියෝජ්‍ය අමාතය අජිත් පී. පෙරේරා අදහස් දැක්වූයේ මෙලෙසයි.
"අලුත් හොරුත් පරණ හොරුත් මේ සියලු දෙනා පිළිබඳවම විවාද කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේදී. ඒ අනුව දිවා ආහාරයක් නොමැතිව පස්වරු 4.00 තෙක් විවාද කිරීමටත් අනතුරුව තවත් දින දෙකක් විවාද කිරීමට තමයි තීරණය කරලා තියෙන්නේ."