චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
චීන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් පළ කිරීමද එම ලිපියේ සඳහන් කර ඇති බවයි. එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙතද සුබ පැතුම් එක් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීමට චීන රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව සඳහන් තීරණයන්, ඉදිරියේදී කිසිදු වෙහෙසකින් තොරව ක්‍රියාත්මක වනු ඇති බවද චීන ජනාධිපති ෂී ජින්පින් මෙහිදී අවධාරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට ඔසවා තැබිමට චීන රජය පූර්ණ දායකත්වය ඉදිරියටද ලබාදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කරන ලද ලිපියේ වැඩි දුරටත් දැක්වෙන බවයි අදාළ මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.
චීනය හා ශ්‍රී ලංකාව අතර සබඳතාවන් මේ වනවිට වඩාත් ශක්තිමත් මට්ටමක පවතින බවද මෙහිදී චීන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
දෙරටෙහිම ජනතාවට මෙම සබඳතා හරහා ප්‍රතිලාභ ලබාදීම චීන රජයේ අපේක්ෂාව වන බවද එහි වැඩිදුරටත් දක්වා ඇති බවයි වාර්තා වෙන්නේ.