අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපතිවරයාට තමන් නියෝග නිකුත් කළ බවට ඇතැමුන් කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පවසනවා.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නිවේදන අනුව නියමයන් ක‍්‍රියාත්කමක කිරීම පමණක් තමන් සිදු කරන බවයි ඔහු කියා සිටියේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කළ හැක්කේ නීතිපතිවරයාට පමණයි.
තමන්ට ද නිතිපතිවරයා උපදෙස් ලබා දෙන බවත් ඒ අනුව තමන් ඒවා ක‍්‍රියාත්මක කරන බවයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු කියා සිටියේ.