අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට එරෙහිව පවතින නඩුව පෙබරවාරි මස 16 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරනය අද (06) නියෝග කළා.
කෙසේවෙතත් පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂිකරුවන්ට අදාල ඇතැම් ලේඛන විත්ති පාර්ශ්වයට මෙතෙක් ලැබී නොමැති බව අධිකරණයට වාර්තා වුණා.
අද දින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බොගොල්ලාගම, ඔනෙලා ඉරේෂා ද සිල්වා සහ නිතයා සෙනානි යන අය මහාධිකරණයේ පෙනී සිටියා.
මීට පෙර විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහකින් යුත් අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණය භාර දී තිබුණා.
මෙම නඩුවේ දෙවැනි සහ හයවන විත්තිකරුවන් වන ඉන්දික කරුණාජීව ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම නොමැතිව නඩුව විභාගයට ගැනීමට ද මීට පෙර අධිකරණය නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල සිට මහේස්ත්‍රාත් අධිකරණය මග හරිමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අත්අඩන්ගුවට ගැනීමට අන්තර් ජාතික පොලිසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.