Sunday, January 12, 2025

General line - 0115112241

"මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා" - ඇමති කියපු කතාව (VIDEO)




පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව මාස කිහිපයක් තුළ පළාත් සභා මැතිවරණය ද පවත්වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ගිරිබාව ප්‍රදේශයේ ජනරැළියක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන් අනතුරුව 2019 වසර අවසානයේ එක්සත් ජාතික පක්ෂයේම ජනාධිපතිවරයෙකු බලයට පත්කරන බවයි.

ඉන් අනතුරුව කඩිනම් සංවර්ධනයක් දියත් කරන බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී සඳහන් කළා.

තම පක්ෂයට ජනාධිපතිවරයෙකු දැනට නොමැති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා එය අර්ථ දක්වනු ලැබුවේ "මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා" යනුවෙනුයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ එම ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.