අමෙරිකාවේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරිය විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති රිට් පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (06) මූලික විරෝධතා ඉදිරිපත් කළා.
තානාපතිවරයකු වශයෙන් තමන්ට හිමි වරප්රසාද අහෝසි කරන ලෙස ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යංශය, අමෙරිකානු බලධාරීන් වෙත නිකුත් කර ඇති ලිපියක් නීති විරෝධී බවට තීන්දු කර එය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ජාලිය වික්රමසූරිය මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනිසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනා අධිකරණයට බලයක් නොමැති බවයි.
පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම පෙබරවාරි මස 19 ට කල් තැබුණා.