Sunday, January 12, 2025

General line - 0115112241

අධිවේගී මාර්ගයේ වේගයෙන් යන රියදුරන්ට පිටවීමේ දොරටුවෙන් ලැබෙන දේ මෙන්න

වසන්ත පිවිතුරු




අධිවේගී මාර්ගයේ වේග සීමාවන් උල්ලංඝනය කරමින් ධාවනය කරන වාහනවල හිමිකරුවන්ට එහි ඡායාරූපක් එම වාහන පිටවීමේ ස්ථානයෙන් නිකුත් කෙරෙන නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය ප්‍රකාශ කළේ පොලීසිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේදී නිරීක්ෂණ වේලාව, වේගය මෙන්ම වාහන අංකයද පැහැදිළිව සටහන් වන පරිදි අදාළ ඡායාරූප නිකුත් කිරිමට කටයුතු කරන බවයි.

පෙබරවාරි මස 14 වනදා සිට මෙම යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මක කිරිමට නියමිතයි.

අධිවේගී මාර්ගය තුළ වාර්ෂිකව සිදුවන අනතුරුවලින් සියයට 27 ක් සිදුවන්නේ අධික වේගය හේතුවෙන් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.