Saturday, January 11, 2025

General line - 0115112241

ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවේ ඉඳලා නිකුත් කළ නිවේදනය

හේමන්ත කහවලගේ




රුසියාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති උදයංග වීරතුංග සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවේ සිට අද (06) නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ උදයංග වීරතුංග අමෙරිකාව බලා යමින් සිටියේ තමා හමුවීමට බවටත් ඔහු ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමෙන් රාජපක්ෂවරු කැළඹීමට පත්ව ඇති බවටත් රජයේ ඇතැම් පිරිස් කරන ප‍්‍රකාශ පදනම් විරහිත බවයි.

කෙසේ වෙතත් උදයංග වීරතුංගගේ නම භාවිත කරමින් රජය දිගින් දිගටම සිදු කරන මඩ ප‍්‍රචාරවලට දිය හැකි හොඳම පිළිතුර වන්නේ ඔහු සිය කැමැත්තෙන් ශී‍්‍ර ලංකාවට ගොස් පොලිසියට සාක්ෂි ලබා දීම බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

රක්නා ලංකා, ඇවන්ගාඞ් සහ මිග් යානා ගනුදෙනුව වැනි පරීක්ෂණ රැසකට තමා සාක්ෂි ලබා දුන් බවත් ඉදිරියේදීද  ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත් ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබෙනවා.

තමා ශි‍්‍ර ලංකාවට පැමිණි පසු සියළු අසත්‍ය චෝදනා පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කරන බවයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ.

තමා ශ්‍රී ලංකාවට පැමිණ සියළු අසත්‍ය චෝදනා පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ රක්නා ලංකා, ඇවන්ගාඩ් සහ මිග් යානා ගනුදෙනුව වැනි පරීක්ෂණ රැසකට තමා සාක්ෂි ලබා දුන් බවයි. ඉදිරියේදීද ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර තිබෙනවා.