මීතොටමුල්ල කසල බැහැර කිරිමේ කටයුතු සඳහා බාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල 2015 සහ 2016 යන වසර වලදී අසාමාන්‍ය ලෙස වර්ධනය වී ඇති බව අනාවරණය කර ගෙන තිබෙනවා.
ඒ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම හේතුවෙන් සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව මගින්. කොළඹ මහ නගර සභාව විසින් 2014 වසරේ ඒ සඳහා කර ඇති වියදම රුපියල් මිලියන 64ක්.
2015 දි රුපියල් මිලියන 182ක් හා 2016දී රුපියල් මිලියන 232ක් කසල බැහැර කිරීමේ කටයුතු වෙනුවෙන් බාහිර ආයතන වෙත ගෙවා ඇති බවයි අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.
ආරම්භයේ සිටම කසල ඉවත් කිරිම පිළිබඳ කොළඹ මහ නගර සභාව විසින් විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කර නොමැති බවද එහි සඳහන්.
විසඳුම් ලෙස ඉදිරිපත් කළ යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරිමද මීතොටමුල්ල ඛේදවාචකයට හේතුවූ බව අදාළ වාර්තව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම හේතුවෙන් සිදුවූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත අද (06) භාර දුන්නා. කසල බැහැර කිරිම පිළිබඳ කෙටි කාලීන හා දිගු කාලීන නිර්දේශ ඊට ඇතුළත්.