Saturday, July 27, 2024

General line - 0115112241

තායිවානය සෙලවෙයි




තායිවානයට ප්‍රභල භූ කම්පනයක බලපැම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ එහි ප්‍රභලත්වය රිච්ටර් පරිමාණ ඒකක 6.4ක් ලෙස සටහන් වී ඇති බවයි. 

එරට වේලාවෙන් ඊයේ (06) මධ්‍යම රාත්‍රීයේ හටගත් එම භූ කම්පනයේ අපකේන්ද්‍රය තායිවානයේ නැගෙනහිර වෙරළ කලාපයට කිලෝ මීටර් 20ක් පමණ දුරින් වන මුහුදු පතුලේ සටහන් වී තිබෙනවා. 
භූ කම්පයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ හුවාලින් නගරයටයි. රෝහලක් ද ඇතුළුව ගොඩනැගිලි රැසක් කම්පන තත්ත්වය හමුවේ කඩා වැටීමට ලක්ව තිබෙනවා. 

එසේම නිවාස 40,000 කට පමණ ජල හා විදුලි සැපයුමද බිඳ වැටි ඇති බව සඳහන්.