මාර්ග අංක 164 පුරහල සිට හිඹුටාන දක්වාත්, මාර්ග අංක 166 අංගොඩ සිට කොම්පඤ්ඤවීදිය දක්වාත්, සහ මාර්ග අංක 150 කැලණිමුල්ල සිට සිමා මාලකය දක්වාත් ධාවනය වන බස් රථවල සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිඛෙනවා.
මාර්ග අංක 166 බස් රථ රියදුරෙකුට පහර දීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස වර්ජනයේ යෙදෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පහරදුන් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසටයි බස් සේවකයින් ඉල්ලා සිටින්නේ.