Sunday, September 8, 2024

General line - 0115112241

සීත ඔලිම්පික් උළෙළ උණුසුම් කර ට්‍රම්ප් දියණිය




අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් මේ දිනවල ජාත්‍යන්තරයේ දැඩි කථා බහට ලක්වී තිබෙනවා. ඒ, දකුණු කොරියාවේ පියොංචෑන් නුවර පැවැත්වෙන සීත ඍතු ඔලිම්පික් උලෙල සඳහා අමෙරිකාව නියෝජනය කිරීමට ඉවන්කා සූදානම් වීමත් සමගයි. 

ඒ අනුව සීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය සඳහා අමරිකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානත්වය ගනු ලබන්නේ ඉවන්කා ට්‍රම්ප් බවයි වාර්තා වන්නේ. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් මෙන්ම ඔලිම්පික් කමිටුවෙන්ද ලද ආරාධනාවක් අනුව ඉවන්කා මෙම අවස්ථාවට සහභාගී වන බව ධවල මන්දිරය සඳහන් කළා. සමාප්ති උත්සවයට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා ඉසව් කිහිපයකටද ඉවන්කා ට්‍රම්ප් සහභාගී වීමට නියමිතයි.