ගාල්ල - පොද්දල පොලිස් වසමේ කීඹීඇළ දරහේන ප්‍රදේශයේදී සැමියෙකු විසින් සිය බිරිඳ සහ නැන්දණිය තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොද්දල පොලිසිය පවසනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක් වන බිරිඳ, තක්ෂිලා දුලංජලී බාලසුරිය සහ වයස අවුරුදු 46ක් වන නැන්දනිය, අතුරුගිරියගේ සන්ධ්‍යා රෝහිණී යන අයයි.
පවුල් ආරවුලක් නිසා 31 වියේ පසුවන සැකකරු මාස 5ක පමණ කාලයක සිට හබරාදුව ප්‍රදේශයේ පදිංචිව සිටින අතර පෙරේදා (06) රාත්‍රී නිවසට පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොද්දල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, උප පොලිස් පරීක්ෂක කේමසිරි, පොලිස් සැරයන් 14823 ජයවර්ධන, පොලිස් කොස්තාපල් 42341 ප්‍රේමලාල් යන නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.