ආරම්භ කළ සංවර්ධනය අඛණ්ඩව සිදුකර ගෙන යාම ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පළාත් පාලන ආයතන වල බලයද අවශ්‍ය වන්නේ ඒ සඳහා බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
සංවර්ධනයට හා ණය ගෙවීමට ප්‍රමාණවත් මුදල් රට තුළ ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවකට එක්වෙමින්.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන අවසන් ජන රැළිය අද (07) පස්වරුවේ පැවැත්වෙන්නේ කොළඹ කොස්ගස්හන්දිය ප්‍රදේශයේදීයි.