ග්රෑම් 100 ක් බැගින් වන රන් බිස්කට් 37 ක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු යාපනය කන්කසන්තුරේ මුහුදු සීමාවේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය මාදගල් ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. සැකකරුවන් ඩිංගි යාත්රාවක් තුළ සූක්ෂම ආකාරයෙන් රන් බිස්කට් තොගය සඟවා ප්රවාහනය කර ඇතැයි නාවික හමුදාව පැවසුවා.
අත්අඩංගුවට ගෙන ඇති රන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්නයි. අත්අඩංගුවට පත් සැකකරුවන් සහ රන් බිස්කට් තොගය රේගුවට භාර දීමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.