කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් පරිසරයට සිදුවන බලපෑම අධ්‍යයනය කර නොමැති බව පවසමින් ගොනු කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (07) දින නියම කළා. ඒ අදාල පෙත්සම ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද (07) කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අනුව අදාළ පෙත්සම ලබන 12වනදා විභාගයට ගැනීමට විනිසුරුවරුන් තීරණය කර තිබෙනවා.
පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ අදාළ පෙත්සම මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, චයිනීම් හාබර් ඉන්ජිනියරින් සමාගම ඇතුළු පාර්ශ්ව කිහිපයක්.