වෙනත් දේශපාලන පක්ෂවලට පැහැදිලි නායකත්වයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
පළාත් පාලන මැතිවරණ ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා අද (07) පෙන්වා දුන්නේ ප්‍රතිපත්තියක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවයි.
"පොහොට්ටුවේ රැස්වීම්වලට හැම තැනටම යන්නේ එකම පිරිසක්. අරක්කු දෙනව. කන්න දෙනව. බස් දෙනව. එහෙම ගෙනියන පිරිස ඡන්දය දවසට ඡන්දය දෙන්නෙත් දෙකට බෙදිල. අනෙක පොහොට්ටුවෙයි සන්ධානයෙයි සටන තියෙන්නේ පළාත් පාලන මැතිවරණය දිනන්න නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලන්න." යැයිද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.