එල් ටී ටී ඊ ලාංඡනය සහිත සුබ පැතුම් පත්රයක් ෆේස්බුක් මගින් ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත්රාත් දුලානි අමරසිංහගේ නියෝගයක් අනුවයි.
මෙම සැකකරුවන්ට එරෙහිව අන්තර්ජාතික සිවිල් හා දේශපාලන පනත යටතේ කටයුතු කිරීමට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි සැකකරුවන් අද (07) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිසිය කියා සිටියේ. එල් ටී ටී ඊ නායක වේලූපිල්ලේ ප්රභාකරන්ගේ රුව සහ එම සංවිධානයේ ලාංඡනය සහිතව නිර්මාණය කළ නව වසරේ සුභ පැතුම් පතක් ෆේස්බුක් ගිණුම මගින් ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ත්රස්ත විමර්ශන කොට්ඨාසය විසින්.