Saturday, January 11, 2025

General line - 0115112241

බැඳුම්කර ගනු දෙනුවට ජනපතිට සහ අගමැතිට චෝදනා




ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වූ වගකීමෙන් අග‍්‍රාමාත්‍යවරයාටද නිදහස් විය නොහැකි බව අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක විසින් කරන ලද ප‍්‍රකාශයන්ගෙන් ද ඒ බව කියවෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.

රවී කරුණානායක මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුව අමතා ඊයේ කරන ලද ප‍්‍රකාශයට ඉදිරියේ දී පාර්ලිමේන්තුවේදීම පිළිතුරු ලබාදෙන බව ද අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් මෙහිදී කියා සිටියා.

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද වගකිව යුතු බවයි.