Saturday, January 11, 2025

General line - 0115112241

ශ්‍රී ලනිපයේ දූෂණ විරෝධී හඬ සැබෑවක් නොවේ




දූෂණයට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නගන හඬ සැබෑ එකක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මේ, ඔවුන් කොළඹ අද (07) පැවැත්වූ මාධ්‍ය හමුවක දී ඒ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත්. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම සෙසු දේශපාලන කණ්ඩායම්වලට ද දූෂණයට එරෙහිව හඬ නැගීමට සිදු වූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇති කළ මතවාදී අරගලය හේතුවෙන් බවද විජිත හේරත් මන්ත‍්‍රීවරයා මෙහිදී පැවසුවා. 

"අපේ මැතිවරණ සටන් පාඨය වුණේ ගම ගොඩනගන දූෂණය පරදන ජවයයි.. මේ සටන් පාඨය ජනාධිපතිට අගමැතිට වගේම හිටපු ජනාධිපතිටත් ගන්න සිදු වුණා. රටේම දූෂණ විරෝධී සටනක් හැදුවේ ජවිපෙ. අපි දැනටමත් දූෂණ විරෝධී සටන සමාජගත කිරීමේ අරගලය ජයග‍්‍රහණය කර තිබෙනවා... මීට පස්සේ කටවත් ෆයිල් යටගහන්න ඉඩක් නැහැ." යැයිද ඔහු පවසනවා.