වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්රමිතීන් ගැසට් කිරීමේදී, වෛද්‍ය සභාව සියලු පාර්ශවයන්ගේ එකඟතාව පරිදි සකස්කර ගත් අවම ප්රමිතීන් ඒ ආකාරයෙන්ම කැබිනට් මණ්ඩලයේදී අනුමත නොවූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ තත්ත්වය හේතුවෙන් රට තුළත් වෛද්‍ය ක්ෂේත්රය තුළත් බරපතල සංවාදයක් මතුව ඇතැයි සංගමය ඉන් පෙන්වා දෙනවා.
මෙම නිවේදනය ජනාධිපතිවරයා, අගමැතිවරයා, සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ සියලුම වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් වෙතද යොමු කොට තිබෙනවා.