Friday, September 20, 2024

General line - 0115112241

මේ ප්‍රදේශවලට අද වතුර නෑ




කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ අවට ප‍්‍රදේශ කිහිපයකට අද (23) දහවල් 12 සිට මධ්‍යම රාති‍්‍ර 12 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කෝට්ටේ මහ නගර සභා බලප‍්‍රදේශය, බත්තරමුල්ල, කොස්වත්ත, කලපළුවාව, තලවතුගොඩ සහ ජයවඩනගම එලෙස ජල සැපයුම අත්හිටුවන ප‍්‍රදේශ කිහිපයක්.

මාලඹේ, හෝකන්දර, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බලප‍්‍රදේශවලට සහ කොළඹ 05 ප‍්‍රදේශයටද මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.

මීට අමතර මෙම කාලය තුළ කොළඹ 06 සහ කොළඹ 08 යන ප‍්‍රදේශවලට ජලය සැපයෙන්නේ අඩු පීඩනයකින් බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේ.