Saturday, April 20, 2024

General line - 0115112241

කුලසේකර සසෙක්ස් ප‍්‍රාන්තයට




එංගලන්තයේ ප‍්‍රධානතම පළමු පෙළ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය සඳහා නුවන් කුලසේකර සසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

 

එ්, කෙටි කාලයක් සඳහායි.

 

බංග්ලාදේශ වේගපන්දු යවන කී‍්‍රඩක මුස්තෆිසූර් රෙහෙමාන් එම කණ්ඩායම සමග එක්වන තෙක් පමණක් කුලසේකරගේ සේවය ලබා ගැනීමටයි සසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම තීරණය කර ඇත්තේ.

 

එ් අනුව කුලසේකර තරග 3ක් සඳහා සසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරනු ඇති.

 

ඔහු ඊයේ දිනයේදීම සිය පළමු තරගයටද කී‍්‍රඩා කළා. එ් කෙන්ට් ප‍්‍රාන්ත කණ්ඩායමට එරෙහිවයි.

 

පන්දුවාර 4ක් යවමින් ලකුණු 28කට එක් කඩුල්ලක් දවා ගැනීමට නුවන් කුලසේකර එහිදී සමත් වුණා.