Saturday, December 28, 2024

General line - 0115112241

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අවසන් දිනය අද (UPDATE)




හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අද (19) අවසන් දිනයයි.  

බක්කුල මහා සෑයේ තැන්පත් කිරීම සඳහා තායිලන්තයේ සිට වැඩම කරවූ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට ඊයේ (18) දිනයේදීත් සැදැහැවතුන් රැසක් පැමිණියා.  

-----------------------------

නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ දෙවන දිනය අද (UPDATE)

(18-02-2018 06:40)

 

හොරණ දික්හේනපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ පැවැත්වෙන නේත‍්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරයේ අද (18) දෙවන දිනයයි.

බක්කුල මහා සෑයේ තැන්පත් කිරීම සඳහා තායිලන්තයේ සිට වැඩම කරවූ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට මෙහිදී ජනතාවට අවස්ථාව සැලෙසනවා.

පෙබරවාරී 19 වැනිදා තෙක් සැදැහැවතුන්ට සර්වඥ ධාතුන් වහන්සේ සහ පූජා වස්තු දැක වන්දනාමාන කිරීමට අවස්ථා සලසා දී ඇති අතර මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. 

-------------------------------------

බක්කුල මහ සෑයේ තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීමේ දුර්ලභ අවස්ථාව අද සිට (UPDATE)

(17-02-2018 05:40)

 

හොරණ දික්හේ්නපුර සීල සුව අරණ ගිලන් භික්ෂු මධයස්ථාන පරිශ‍්‍රයේ ඉදිකෙරෙන බක්කුල මහා සෑයේ තැන්පත් කිරීම සඳහා තායිලන්තයේ සිට වැඩම කරවූ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට සැදහැවතුන්ට අද (17) සිට අවස්ථාව හිමි වනවා.
---------------------------------------

 බක්කුල මහ සෑයේ තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරගැනීමේ දුර්ලභ අවස්ථාවක්

16-02-2018 09:40

පූජ්‍ය ගලිගමුවේ ඥාණදීප හිමියන්ගේ අනුශාසනා පරිදි හොරණ දික්හේනපුර සීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිවන බක්කුල මහ සෑයේ තැන්පත් කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ දැක වන්දනා කරගැනීමේ දුර්ලභ අවස්ථාවක් සැදැහැවතුන්ට උදාවී තිබෙනවා.

මෙම ධාතුන් වහන්සේ මෙරටට වැඩම කළේ තායිලන්තයේ සිටයි. ධාතුන් වහන්සේ සහ සෙසු පූජා වස්තු හෙට (17) දිනයේ දී විචිත‍්‍රවත් පෙරහැරකින් සීලසුව අරණ භූමියට වැඩම කරවනවා. පසුව පෙබරවාරී 19 වනදා තෙක් සැදැහැවතුන්ට සර්වඥ ධාතුන් වහන්සේ සහ පූජා වස්තු දැක වන්දනාමාන කිරීමට අවස්ථා සලසා දීමටයි කටයුතු කර ඇත්තේ.  මෙම මහඟු පුණ්‍යකර්මය සඳහා මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.