Sunday, September 8, 2024

General line - 0115112241

ඉරාන යුද නෞකා 03ක් කොළඹ වරායට




සුහද සංචාරයක්  සඳහා ඉරාන නාවික හමුදාවට අයත් යුද නෞකා 03ක් කොළඹ වරායට පැමිණ තිඛෙනවා. බයන්ඩර්, නග්ඩි සහ ටොන්බ් යන නෞකා මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි නාවික හමුදාව සහන් කළේ.

නාවික සම්ප්‍රදානූකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකා පිළිගෙන ඇති අතර ඒවායේ අණදෙන නිලධාරීන් සහ බටහිර නාවික විධානය භාර ආඥාපතිවරයා අතර සුහඳ හමුවක් ද පැවැත්වුණා.

එම නෞකා, නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබනු සංස්කෘතික සන්දර්ශන, සුහද ක්‍රීඩා තරග ඇතුළු වැඩසටහන් රැසකටද සහභාගිවීමට නියමිතයි.

සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණිමෙම ඉරාන යුද හමුදා නෞකා ත්‍රිත්වය ලබන 19 වනදා දිවයිනෙන් පිටත්ව යනු ඇති.