Friday, October 18, 2024

General line - 0115112241

මෙම වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9000 ඉක්මවයි




මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 9016 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ මෙම මාසයේ ගත වූ දින කිහිපයේ දී පමණක් ඩෙංගු රෝගීන් 1921 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් හමු වී තිබෙනවා. පසුගිය වසරේ දී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව එක් ලක්ෂ 85,969ක්.