Sunday, September 8, 2024

General line - 0115112241

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් කළ ඉල්ලීම

හර්ෂිකා සංජීවනී




පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් මහ කන්නයේ දී ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ගොවීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ වනවිට මහවැලි ජලාශ රැසක ද ජල මට්ටම පහත වැටී තිබෙනවා. කොත්මලේ, බෝවතැන්න, සමනලවැව, රාජංගණය, නාච්චදූව සහ මින්නේරිවැවේ ජල මට්ටම සියයට 50කටත් වඩා අඩු වී ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.

එමෙන්ම තිසා වැව, නුවර වැව, කවුඩුල්ල මෙන්ම මාදුරු ඔය ජලාශයේ ද ජල මට්ටම සීඝ්‍රයෙන් අඩුවෙමින් තිබෙනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මැයි මාසයේ නිරිතදිග මෝසම ආරම්භ වන තුරු දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.