Saturday, December 28, 2024

General line - 0115112241

රෝගී තත්ත්වයක් නිසා ජීවිතය එපා වූ මවයි පුතයි ලෝකය හැර යයි (PHOTOS)

කමල් සුරවීර - මහනුවර




මහනුවර - සුදුහුම්පොළ, සියඹලාපිටිය ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි ගෙලවැලලාගෙන මවක් සහ පුත්‍රයෙකු  සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇති කාන්තාව 69 වියේ පසුවූ අතර ඇයගේ පුත්‍රයා 45 වන වියේ පසුවු පුද්ගලයෙකු බවයි පොලීසිය පැවසුවේ.

මියගිය ප්‍රත්‍රයා විසින් ලියූ බවට සැක කෙරෙන ලිපියක්ද නිවසේ තිබී හමුවී තිබුණා.

එහි සඳහන්ව ඇත්තේ රෝගී තත්ත්වයන් හේතුවෙන් තමන් මෙලෙස සියදිවි හානී කරගැනීමට තීරණය කළ බවයි.

ඊට තම මවද එකඟවී ඇති අතර ඉන් අනතුරුව දෙදෙනාම සිය දිවි හානිකර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර පොලීසියට ලද තොරතුරක් මත මළසිරුරු සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔහු ලියා ඇති සම්පූර්ණ ලිපිය පහතින්.