මත්ද්‍රව්‍ය රැගෙන ශී‍්‍ර පාද වන්දනාවේ පැමිණි තරුණයින් 27 දෙනෙකු හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි සිදු කළ පරීක්ෂාවකදියි.
සැකකරුවන් සන්තකයේ තිබී හොරොයින් මිලි ග්‍රෑම් 8ක්, කේරළ ගංජා මිලිග්‍රෑම් පනස් නව දහසක් සහ නීති විරෝධී දුම්වැටි 27ක් අත්අඩංගුවට ගෙන ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
අත්අඩංගුවට පත් සැකකරුවන් කොළඹ, කුරුණෑගල, කළුතර, පානදුර, දෙහිවල සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඔවුන්, හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.