අවයව පරිත්‍යාග කරන රෝගීන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සියලුම පෞද්ගලික රෝහල්වලින් සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පාලනාධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එවැනි රෝගීන්ට අවශ්‍ය සහන ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙම තීරණය ඉදිරියේ දී නියෝගයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.
ශ්‍රී ජයවර්ධනපුර රෝහල විසින් සංවිධානය කළ අවයව දන්දීමේ පාගමනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රධාන රෝහල් කිහිපයක පමණක් මේ වන විට සිදුකෙරෙන අවයව බද්ධ කිරීම් ඉදිරියේ දී තවත් රෝහල් කිහිපයක ආරම්භ කිරීමට කටයුතු කරන බවයි.