නුවරඑළියේ සිට ගමිපහ දක්වා ධාවනය වු මෝටර් රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරලීමෙන් එහි ගමන් ගත් කාන්තාවකගේ මළ සිරුරක් සහ පිරිමි මළ සිරුරක් ගොඩ ගත් බව තලවාකැලේ පොලිසිය පවසනවා.
අද (18) පස්වරු 4.00 ට පමණ ධාවනය වෙමින් තිබු මෝටර් රථය ජලාශයට පෙරලී මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය පවසන්නේ.
ජලාශයට පෙරලූණු මෝටර් රථයේ තිබි ප්රදේශවාසින් එක්ව ගොඩ ගත් සිරුරු දෙක ලිඳුල ප්රාදේශිය රෝහල වෙත යොමු කර තිබෙනවා.
මෝටර් රථයේ තිබි කුඩා ළමයෙකුගේ සනීපාරක්ෂක තුවායක් හමුවි ඇති අතර ඒ පිළිබදව පොලිසිය පරික්ෂණ ආරමිභ කර තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වි ඇති මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ජලාශයට පෙරලී ඇති බවයි අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන තලවාකැලේ පොලිසිය පවසන්නේ.
මෝටර් රථයේ ගමන් ගත් අය ගමිපහ නැදුමිගමුව ප්රදේශයේ පදිංචිකරුවන් බවට දැනට හදුනාගෙන තිබෙනවා.